නායකයාට ඡන්දේ ඉල්ලන්න එපා කියලා පාක්ෂිකයෝ කියන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට! – ටිල්වින්

September 10, 2019 at 12:57 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ වුවද ඔහුගේ නායකත්වය පක්ෂයේ බහුතරයක් පිළිනොගන්නා බවත් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න එපා යැයි පක්ෂයේ මැති ඇමතිවරු සහ පාක්ෂිකයන් බල කරන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

කිසියම් පක්ෂයක නායකයාට ඡන්දය ඉල්ලන් එපා යැයි පාක්ෂිකයන් පවසන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද ඔහු පවසයි.

මේ නිසාම රනිල් සජිත් කරූ අතර ජනාධිපති අපේක්ෂකත්වය සඳහා තරඟයක් ඇති වී ඇති බවත් එජාපයට තරඟය ඇත්තේ අනෙක් පක්ෂ සමග නොව පක්ෂය තුළ අපේක්ෂකයා වීම සඳහා යැයි ඔහු වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස