සජිත්ගේ නව සන්ධානය සමඟි ජන පෙරමුණ! ඡන්ද ලකුණ අලියා හංසයා නෙවෙයි, හදවත!

February 10, 2020 at 2:17 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් එකතු වී ගොඩනඟන දේශපාලන සන්ධානය සමඟි ජන පෙරමුණ නමින් හැඳින්වීමට යෝජනා වී ඇත. එහි ඡන්ද සලකුණ හදවතය.

ඒ අනුව නව සන්ධානය ලියාපදිංචි කිරීම සඳහා අද (10) උදෑසන මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

මංගල සමරවීරගේ දේශපාලන පක්ෂයක් වන අපේ ජාතික පෙරමුණ මෙලෙස නම වෙනස් කර සන්ධානය සඳහා යොදා ගෙන තිබේ.

මේ අනුව එක්සත් ජාතික පක්ෂයේ නම ද සලකුණ ද සම්පූර්ණයෙන්ම නව සන්ධානයෙන් ඉවත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස