සජිත්ගෙන් නව දේශපාලන පක්ෂයක්! ප්‍රධාන සංවිධායක සජින් වාස්!

January 12, 2020 at 9:39 am | by emanisa.lk

සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් බිහිකෙරෙන නව දේශපාලන පෙරමුණෙහි ජාතික සංවිධායක ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

සජින් වාස් ගුණවර්ධන යනු පසුගිය රාජපක්ෂ පාලන සමයේදී රාජපක්ෂ පවුලේ සමීපතමයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු වන අතර ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා ලෙස ද ක්‍රියා කළේය.

එම යුගයේදී ඔහුට එරෙහිව නොයෙකුත් දූෂණ චෝදනා එල්ල වූ අතර 2015 ආණ්ඩු පෙරළියෙන් පසු ඒ සම්බන්ධයෙන් ඔහුව අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර පසුව ඇප මත මුදාහරින ලදී.

කෙසේවෙතත් පසුගිය ජනාධිපතිවරණයේදී සජින් වාස් සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ක්‍රියාශීලීව ප්‍රචාරණ කටයුතුවල නිරත වූයේය.

මෙම නව පක්ෂයේ කොළඹ ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල නායකත්වය සජිත් ප්‍රේමදාස,හරීන් ප්‍රනාන්දු සහ අජිත් පී. පෙරේරා දැරීමටද නියමිත බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස