මේ රට හදන්න පුළුවන් එජාපයට හරි ශ්‍රීලනිපයට හරි විතරයි! පොදුජන පෙරමුණ එන්නේ පරම්පරාව හදන්න! – සජින් වාස්

August 30, 2019 at 10:17 am | by emanisa.lk

මේ රට දියුණු කිරීමට සහ ඉදිරියට ගෙන යා හැකි පක්ෂ ඇත්තේ දෙකක් බවත් ඒ එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අරමුණ සිය පරම්පරාව රැකගෙන ඉදිරියට යාම බවත් හෙතෙම පවසයි.

පොදුජන පෙරමුණේ පිරිස තමා වැරදිකාරයකු ලෙස සමාජයට හඳුන්වා දී ඇති බවත් ඔවුන් සමග ළඟින් ඇසුරු කළ අයකු ලෙස අද කෑ ගසන අයට වඩා තමා එම පිරිස ගැන දන්නා බවත් සජින්වාස් අවධාරණය කළේය.

2017 වසරේ මුල් භාගයේ දී සජින් වාස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමු වී තමා අතින් සිදුව ඇති වැරදිවලට සමාව දී තමා නැවත මහින්ද කඳවුරට සම්බන්ධ කරගන්නා ලෙස ඉල්ලා සිටිය ද එම ඉල්ලීම ඉටු ඉවත දැමූ බව එකල වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස