සජින් ද වාස් පස් වසරකදී මන්ත්‍රී වැටුපින් ලක්ෂ 3362ක් උපයා ලෝක වාර්තාවක් තබයි! මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ නීතිපති නඩු පවරයි!

September 6, 2019 at 9:20 am | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට ඊයේ (05) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග ඉදිරියේදී අධිචෝදනා පත‍්‍රය භාර දෙනු ලැබිණි.

අධිකරණය විසින් නිකුත් කරන ලද සිතාසි නියෝග අනුව විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔහුට රුපියල් ලක්‍ෂ පහක මුදල් ඇප හා රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටද විනිසුරුවරයා නියෝග කළේය.

විත්තිකරුට විදේශ ගතවීම වළක්වන නියෝගයක්ද නිකුත් කළ විනිසුරුවරයා ඔහුගේ විදේශ ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට පත්කරන ලෙසටද නියෝග කළේය.

2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස කටයුතු කරමින් වසර පහකට ආසන්න කාලයක් තුළදී රුපියල් තිස්කෝටි හැට දෙලක්‍ෂයකට අධික මුදලක් උපයා ගැනීමෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි චෝදනා නගමින් එම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා පසුගිය අගෝස්තු 8 වැනිදා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

එම නඩුවේ සාක්‍ෂි විභාගය පැවැත්වීම සඳහා දින නියම කිරීමට ලබන ඔක්තෝබර් 1 වැනිදා නඩුව යළි කැඳවීමටද විනිසුරුවරයා එහිදී නියෝග කළේය.

රජයේ අධිනීතිඥ නලින්ද හේවාවසම් නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ ජීවන්ත ජයතිලක විත්තිය නියෝජනය කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස