රාජපක්ෂ ආණ්ඩුවේ පට්ට හොරෙක් යැයි කී සජින් එජාපයට! හොරු පන්නන සජිත් දිනවන සටනට එකතුවෙයි!

November 8, 2019 at 1:24 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සිටි ඇමතිවරයකු වූ සජින් වාස් ගුණවර්ධන එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය සඳහා සහාය දීමට එකතු වී තිබේ.

එවක ආණ්ඩුවේ අන්ත දූෂිත ඇමතිවරයකු ලෙස එවක විපක්ෂය විසින් විවේචනය කළ සජින් වාස් එජාප අපේක්ෂකයාට සහයෝගය ලබා ගැනීම සඳහා එකතු කර ගැනීම පුදුමසහගත බව බොහෝ දෙනාගේ අදහසය.

මෙම තීරණයට ගාලු දිස්ත්‍රික් එජාප පසුපෙළ විරෝධය දක්වා ඇත්තේ පසුගිය මැතිවරණවල දී එජාප පාක්ෂිකයන්ට මොහු හිංසා කළ බවත් බරපතළ දූෂණ චෝදනා රාශියක් එදා විපක්ෂය ලෙස මොහුට එල්ල කළ බවත් සඳහන් කරමිනි.

කෙසේ වුවද එජාප දෙවන පෙළ නායකයන්ට අසාධාරණයක් නොවන ආකාරයට කටයුතු කරන බව එජාප ගාලු දිසා නායකත්වය පසුපෙළට පොරොන්දු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස