විපක්ෂයෙන් ජනපතිට අපූරු යෝජනා දෙකක්! කුමක් කළත් පරණ පාර්ලිමේන්තුව සක්‍රීයයි!

April 27, 2020 at 6:58 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය ආපසු නොකැඳවන්නේ නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ බලතල අනුව, විසුරුවා ඇති පාර්ලිමේන්තුව යළි කැඳවීමට හෝ කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තුවේ විපක්‍ෂය නියෝජනය කළ දේශපාලන පක්‍ෂ නායකයින් ඒකාබද්ධ ප‍්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියි.

එසේ පාර්ලිමේන්තුව යළි කැදවීමෙන් පසු රටේ දැනට පවතින තත්ත්වය සමනයවීමෙන් පසු සුදුසු අවස්ථාවකදී යළි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකි වනු ඇතැයි ද ඔවුන් සිය ප‍්‍රකාශයෙහි දක්වා තිබේ.

හිටපු විපක්‍ෂනායක, ජාතික සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අග‍්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක රිෂාඞ් බදියුදීන්,  ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක, දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් යන මහත්වරුන්ගේ අත්සනින් මෙම ඒකාබද්ධ ප‍්‍රකාශය නිකුත් කර තිබේ.

 

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස