කොරෝනා වසංගතය මැද වජිර පිස්සු නටයි! තමන්ගේ මුඛාවරණය ගලවා වෙන අයකුට බෙදයි! (video)

March 20, 2020 at 11:35 pm | by emanisa.lk

ඊයේ (19) එජාප හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන නාමයෝජනා භාරදීමෙන් පසු මුඛ ආවරණ බේදාදීමක් කළේය.

ජනතාව ඒකරාශී කිරීමට කටයුතු නොකරන ලෙස දැනුම් දී ඇති පසුබිමක වජිර අබේවර්ධන ජනතාව ඒකරාශී කර මුඛ ආවරණ බෙදා දීම දැකගත හැකි විය. එහිදී පිරිසක් එකිනෙකටෙ ළංව ඉතාම අවදානම් ලෙස හැසිරෙනු දැකගත හැකිය.

මෙහිදී සිදු වූ වඩාත් විහිළු සහගත සිද්ධිය හිටපු මන්ත්‍රීවරයා සිය මුඛ ආවරණය ගලවා තවත් අයකුට ලබා දීමය.

හිටපු ඇමතිවරයකු වන වජිර අබේවර්ධන කොරෝනා වෛරසයේ භයානක බව තබා මුඛ ආවරණයක් පැළඳින්නේ ඇයි ද යන්න පවා නොදන්නා අයකු බව ඔහුගේ හැසිරීමෙන් තහවුරු වෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස