නිරෝධායනය හරියට වෙන්නේ නෑ! වහාම පක්ෂ නායකයෝ රැස් කර උපදෙස් ගන්න! – පී. හැරිසන්

March 12, 2020 at 5:16 pm | by emanisa.lk

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව එජාප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් පවසයි.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත කණ්ඩායම් රැගෙන යාමේ දී ඇති වූ තත්ත්වයයෙන් එය තහවුරු වන බව ඔහු පෙන්වා දෙයි.

එහෙයින් වහාම පක්ෂ නායකයන් කැඳවා සාකච්ඡා කළ යුතු බවත් පක්ෂ භේදයකින් තොරව මෙම ගැටලුව විසඳා ගැනීමට සහාය දීමට තමන් සූදානම් බවත් හෙතෙම අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *