ලංකාවට එනවා නම් PCR පරීක්ෂණ අනිවාර්යයි! කොරෝනා ආසාදිතයන්ට රටට ඇතුළු වන්න අවසර නෑ!

May 31, 2020 at 9:55 am | by emanisa.lk

විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට පැමිණීමට පැය 72කට පෙර P.C.R. පරීක්ෂණ සිදුකර කොරෝනා වෛරසය ආසාදනය වී නැතැයි තහවුරුවන අය පමණක් මෙරට ගෙන්වීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා පිළිබඳ අතිරේක ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණීමට ගුවන් ටිකට්පත් නිකුත් කරන්නේ මේ අයට පමණි. දැනට කුවේට්හි රැඳී සිටින අයටද මෙම ප්‍රතිපත්තිය අදාළ වන බව පැවසූ හෙතෙම විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේදී නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් මෙන්ම රෝහල් පහසුකම් ගැනද සලකා බැලිය යුතු යැයි කීය.

දැනට දහස් ගණනක පිරිසක් නිරෝධායනය වන අතර දිනපතා එම මධ්‍යස්ථානවලට අලුතෙන් ඇතුළත් කළ හැක්කේ 300 දෙනෙක් පමණක් බව අවධාරණය කළේය.

දැනට මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන 19,000ක් පමණ කුවේට්හි රැඳී සිටිති. ඔවුන් එරට රැඳවුම් භාරයේ සිටින්නන්, සිරදඬුවම් ලැබූවන් හා වීසා නොමැතිව සිට පොදු සමාව යටතේ භාරවූවන් යැයිද කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස