රනිල් නැවතත් වැඩ අරඹයි! සජිත් පිළ අල්ලා පොළවේ ගසයි! එජාප කෘත්‍යාධිකාරයෙන් අජිත් පී. ෆොන්සේකා පන්නයි!

January 30, 2020 at 8:59 am | by emanisa.lk

අජිත් පී. පෙරේරා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකත්වය ඉවත් කර තිබේ.

පක්ෂයේ සාමූහික විනය කඩකිරිමේ චෝදනාව මත මෙම තීරණය ගෙන ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

මොවුන් දෙදෙනාම මේ වන විට එජාප සජිත් පාර්ශ්වය නියෝජනය කරන මන්ත්‍රීවරුන් වීම විශේෂත්වයකි.

එක්සත් ජාතික පක්ෂයේ නව කෘත්‍යාකාරි මණ්ඩලය ඊයේ (29) දිනයේ පත් කෙරුණු අතර අජිත් පී. පෙරේරාගේ සහ සරත් ෆොන්සේකාගේ නම ඊට ඇතුළත් කර නොමැත.

ඒ අනුව ඔවුන් දෙදෙනාට අද (30) පස්වරුවේ පැවැත්වෙන එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්විමට සහභාගී විය නොහැකිය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්යානධිකාරි මණ්ඩලය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00ට රැස්විමට නියමිතය.

එහිදී පක්ෂයේ නායකත්වය ඇතුළු පක්ෂයේ පවතින ගැටළු සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණිමට නියමිත බව සඳහන්ය.

 
 


Comments are closed.

මුල් බිස්ස