යූඇන්පී වංසක්කාරයෝ සජිත් මහත්තයාට විරුද්ධ එයාට සර් කියන්න බැරි නිසා! – ලාල්කාන්ත

September 18, 2019 at 11:45 pm | by emanisa.lk

තමා මෙවර ජනාධිපතිවරණයට අනිවාර්යෙන් ඉදිරිපත් වන බව කියන සජිත් ප්‍රේමදාසට කරූ හෝ රනිල් එජාපයෙන් තරඟ කරන්නේ යැයි තීන්දු කළොත් එවිට ද තමා ඉල්ලන්නේ යැයි කීමට ධෛර්යයක් තිබේ දැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත විමසයි.

ජාතික ජන බලවේගයේ ජන හමුවක දී හෙතෙම මේ බව සඳහන් කළේය.

“ඉතින් සජිත් මහත්තයා කියලා තියෙනවා මට දුන්නත් නැතත් මම ඉල්ලනවා. පහුගිය කාලේ එහෙම කිව්වා. මම තමයි ඉල්ලන්නේ. මේ වෙනකොට ඒ විදිහටම කියනවාද කියලා ටිකක් හොයන්න අමාරුයි නමුත් අපි හිතමු කරු හරි රනිල් ඒ මහත්තුරු දෙන්නගෙන් එක්කෙනෙක් ආවොත් සජිත්ට ධෛර්යයක් තියෙයිද දන්නේ නැහැ, ඒත් මම ඉල්ලනවා කියන පදනමෙන් ඉල්ලන්න.

එහෙම අපි දන්නේ නැහැ. මම හිතන්නේ ඉල්ලුවේ නැත්නම් එයත් නිකන් පීචං වෙනවා. හැබැයි, සමාජයේ ඇතුලේ කරුට හරි එහෙම නැත්නම් කාටද රනිල් මහත්තයාට හරි අපි හිතමු ඉල්ලනවා කියලා. දැන් මේ උද්ඝෝෂණ කරලා රැස්වීම් තියලා අජිත් පෙරේරලා අර කළුතර මන්ත්‍රීතුමා. ඊට පස්සේ කවුද මේ බදුල්ලේ හරීන්ලා මේකට කරගහලා තව කට්ටිය ඉන්නවා‌ නේද? ඔහොම ඔහොම ඉන්නවා කට්ටිය කරගහලා ඒ මිනිස්සුත් අමාරුවේ දාලා ආයිත් අකුලගන්නවාද? ධෛර්යයක් තියෙනවද, නැහැ ඔයගොල්ලෝ මට දෙන්නේ නැත්නම් මම ප්‍රේමදාස මහත්තයාගේ පුතා, ප්‍රේමදාස මහත්තයත් ෆයිට් කරලා තමයි ගත්තේ.

දැනුත් ඉන්නවා යූඑන්පී එකේ වංසක්කාරයෝ. ඒ වංසක්කාරයෝ කියන්නේ මොකක්ද අර ප්‍රේමදාසට සර් කියන්න බෑ වගේ, අපිට බෑ මූට සර් කියන්න. කාටද? මම කිව්වේ මූට කියලා. ඔයගොල්ලො කියන්නේ කාටද සජිත්ට කියලාද? ආ එක තමයි කතාව.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස