රටම මත්දුම් රකුසාට බිලිවෙයි! ලක්ෂ 24ක් සිගරට් බොනවා! ලක්ෂ 30ක් බේබද්දෝ! ලක්ෂ 3ක් ගංජා ගහනවා!

January 20, 2020 at 3:08 pm | by emanisa.lk

ශ්‍රි ලංකාවේ ජනතාවගෙන් 2,406,581 දෙනෙකු සිගරට් පානයට, 3,035,143ක් මත් පැන් පානයට, 301,898ක් ගංජා පානයට, 92,540ක් හෙරෝයින් පාලනයට, 24,211ක් මත් පෙති වර්ග පානයට සහ 115,234 දෙනෙකු වෙනත් විෂ මත් ද්‍රව්‍ය පානය කරන බවට 2019 වසරේ සිදු කළ සමීක්ෂණයකින් සොයාගෙන ඇතැයි අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

ඌව පළාත් සභාවේ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවති මත්දව්‍ය නිවාරණ පළාත් මෙහෙයුම් කමිටුවේදි අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ නිළධාරී ඒ.ටී දර්ශන මේ බව අනාවරණය කළේය.

ජනග්‍රහනයෙන් 1,613,777 දෙනෙකු සිගරට්, 1,063,383ක් මත්පැන්, 178,643 ක් ගංජා, 70,862ක් හෙරොයින් සහ 12,932ක් විෂ මත්ද්‍රව්‍ය යන ඒවා දිනපතාම පානය කරීමට ඇබිබැහි වී ඇති බව පර්යේෂණ වලින් සොයාගත් බවද දර්ශන මහතා පැවසීය.

අන්තරයාකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ පර්යේෂණ අංශය 2019 වසරේ ජනවාරි සිට ජුලි මාසය අතර කාලයේ පොලිසිය,බන්ධනාගාරය,ජනාධිපති කාර්යාලය එක්ව මත්දව්‍ය කමිටු හරහා ග්‍රාම නිළධාරී වසම් මට්ටමෙන් මෙම සමීක්ෂණය සිදු කළ බව කියයි.

ලංකාවේ අවුරුදු 18ට අඩු කාන්තා හා පිරිමි බාල වයස්කරුවන් මෙන්ම 18ට හෝ ඊට වැඩි කාන්තා පිරිමි දෙපාර්ශයම මත්පැන් සිගරටි හා නිති විරෝධි මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වී සිටින බවද

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස