මත්ජාවාරමුන්ගේ දේපළ රාජ සන්තක කිරීමට පූජිත සැරසෙයි!

January 26, 2019 at 1:11 am | by admin

මීට සති කිහිපයකට පෙර බේරුවල ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ දෙසිය තිහකට වැඩි ප්‍රමාණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වූ සමන්තද සිල්වා ඇතුළු හඳුනාගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24 දෙනකුගේ බිලියන ගණනක් වූ වත්කම් රාජසන්තක කිරීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණ සිදු කර ගෙන යයි.

මේ ජාවාරම්කරුට රුපියල් කෝටි ගණනක දේපළ ඇති බව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෙළි කර ගෙන තිබේ. මොහු සම්බන්ධයෙන් තව දුරටත් පරීක්ෂණ පැවැත්වෙමින් පවතින අතර, ඉතිරි සැකකරුවන් අතර විදෙස් රටවලට පැනගත් අයත් රිමාන්ඩ් බාරයේ සිටින පිරිස් ද, ජාවාරම්කරුවන් ද සිටින බව පවසන මාධ්‍ය ප්‍රකාශකවරයා එම ජවාරම්කරුවන් සතුව බිලියන සිය ගණනක දේපළ ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෙළි කර ගෙන ඇති බවද පැවැසීය.

මීට පෙර ජාත්‍යන්තර ජාවාරම්කරුවන් තිදෙනකුගේ දේපළ රාජසන්තක කෙරිණි. මොවුන් එම බිලියන ගණනක දේපළ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයා ඇති බව ද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත. දිනකට රට පුරා මත්කුඩු පාවිච්චි කරන පිරිස දහස් ගණනක් වෙයි. මේ මත්කුඩුවලින් එක් ජාවාරම්කරුවකුට දිනකට රුපියල් කෝටි පහ ඉක්මවා යන ආදායමක් ලැබෙන බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස