හෙරොයින් තොග වාර්තාව මාස 3න් කැඩෙයි! කොල්ලුපිටියෙන් කිලෝ 297ක් අල්ලයි!

February 24, 2019 at 8:07 am | by admin

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (23) සවස කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමක් මගින් මෙතෙක් මෙරටින් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මෙම ඒකාබද්ධ වැටලීමේදී රුපියල් මිලියන 2945 කට අධික වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවය.

මීට පෙර මෙතෙක් ශ‍්‍රි ලංකාවෙන් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය බවට වාර්තා වූයේ දෙහිවල කවුඩාන ප‍්‍රදේශයේ පිහිටි නිවසකින් පසුගිය දෙසැම්බර් 31 වැනිදා සොයාගත් හෙරොයින් කිලෝග‍්‍රෑම් 278ක තොගයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *