ගුවන් තොටුපළේ අරක්කු ජාවාරමන්! නිලධාරිනුත් සම්බන්ධයි!

April 6, 2019 at 2:16 pm | by admin

උත්සව සමය ආරම්භ වීමත් සමග කටුනායක ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය මුල් කර ගනිමින් අඩු මිලට මත්පැන් මිලට ගෙන වැඩි මිලට විකිණීමේ ජාවාරමක් සරුවට ක්‍රියාත්මක වන බව ගුවන් තොටුපළ සේවක පිරිස් පවසති .

මෙයට ගුවන් තොටුපළ විවිධ දෙපාර්තමේන්තු නියෝජනය කරන සේවකයින් මෙන්ම ගුවන් තොටුපළට අත්‍යාවශ්‍ය සේවා සපයන රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීන් ද මෙම ජාවාරම සම්බන්ධ වී සිටින බවද  ඔවුහු පවසති.

ගුවන්තොටුපළ සාප්පු සංකීර්ණයෙන් රු. 3100ට බදු රහිතව මිලයට ගන්නා vat 69 බෝතලය ගුවන්තොටුපළේ ද රට පුරා ද රු. 4200කට විකිණීමට ඔවුන් කටයුතු කරන බව හෙළි වී තිබේ. මෙවැනි තවත් ජාවරම් සමූහක් එහි සිදුවෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *