රංජන්ට ඇපදුන්නේ ඇප පනත අනුවයි! ඇඳිරි නීතිය නීති විරෝධි බවක් අධිකරණය කීවේ නෑ! නුගේගොඩ මහේස්ත්‍රාත් සුමන්දිරන්ට කට උත්තර නැති කරයි…. (video)

April 28, 2020 at 11:42 pm | by emanisa.lk

ඇඳරි නීතිය උල්ලංඝනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප ලබා දුන්නේ ඇප පනත අනුව බව නුගේගොඩ මහේස්‍ත්‍රාත් මොහොමඩ් මිහායිල් පවසයි.

එසේම ඇඳිරි නීතිය නීත්‍යානුකූල නොවන නිසා රංජන් රාමනායකට ඇප ලබා දුන් බවට නඟන තර්කයෙහි කිසිදු පදනමක් නොමැති බවත් ඇඳිරි නීතියේ නිත්‍යානුකූලභාවය පිළිබඳ අධිකරණය සලකා නොබැලූ බවත් මහේස්ත්‍රාත්වරයා වැඩි දුරටත් සඳහන් කළේය.

කෙසේ වුවද රංජන් රාමනායකට ඇප ලැබුණු අවස්ථාවේ ඔහුගේ නීතිඥ එම්.ඒ. සුමන්දිරන් ප්‍රකාශ කළේ සිය සේවාදායාකයාට ඇප ලැබුණේ ඇඳිරි නීතිය නිත්‍යානුකූල නොවන බව උසාවිය පිළිගත් නිසා බවය.

මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු ගොනු කිරීමට පොලිිසිය ගොනුකළ පෙත්සම අද කැඳවූ අතර එහිදී මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ උසාවිය ඇඳිරි නීතිය නිත්‍යානුකූල නොවන බවට ප්‍රකාශයක් කර නොමැති බවය. එහිදී නීතීඥ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ එසේ නම් කරුණු දැක්වීමක් ද උවමනා නැති බවය.

ඇඳිරි නීතිය බලාත්මක කිරීම සඳහා 1890 පනත ද ගැසට් නිවේදන පහක් ද ඇති බව පෙන්වා දුන් අජිත් රෝහණ මෙවැනි ව්‍යවසනකාරී තත්ත්වයක දී සමාජයට අහිතකර දේවල් පැවසීම විහිළුක් බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස