අයිලන්ඩ් තිරුක්කුරල් කියන්නේ බොරු! එජාපය සමග ආණ්ඩු කරන්න අදහසක් නෑ! – සුමන්දිරන්

December 24, 2019 at 8:05 am | by emanisa.lk

The Island සහ තිනක්කුරල් පුවත්පත් තමා පිළිබඳ වාර්තා කර ඇති පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව දෙමළ ජාතික සන්ධාන මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසයි.

එළඹෙන මහ මැතිවරණයට පසු එජාපය සමග එක්ව ආණ්ඩුවක් පිහිටුවා නව ව්‍යවස්ථාවක් ඔස්සේ වෙනි සංශෝධනයට එහා යන බලය විමධ්‍යගත කිරීමක් උතුරට ලබා ගැනීමට කටයුතු කරන බව සුමන්දිරන් පැවසූ බව එම පුවත්පත් වාර්තා කර තිබිණි.

ඔහු මේ බව පැවසුවේ යාපනේ කයිට්ස්හි දෙමළ ජාතික සන්ධාන කාර්යාලයේ දී බව ද වාර්තා කර තිබිණි.

කෙසේ වුවද සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් සුමන්දිරන් පවසන්නේ මෙම ඉංග්‍රීසි සහ දෙමළ පුවත්පත දෙකම වාර්තා කළ පුවත අසත්‍ය බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස