ඒකීය කෑල්ල අත නොහැරියොත් අන්තවාදීන් බලයට එනවා! ඉංග්‍රීසි යුනිටරි එපා! සිංහල ඒකීය ඇති! අපට ඕන එක රටක් මිස ඒකීය රටක් නෙමේ! – දෙමළ සන්ධාන න්‍යායාචාර්ය සුමන්තිරන්

January 23, 2019 at 11:22 am | by admin

අපේ රටේ නම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රීක සමජවාදි ජනරජය ලෙස නොව ශ්‍රී ලංකා ජනරජය ( Republic of Sri Lanka)නැතිනම් ශ්‍රී ලංකාව ( Sri Lanka) ලෙස පමණක් ‍හඳුන්වා දිය යුතු බව දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ටි.වී දෙරණ නාලිකාවේ ඊයේ (22) දිනයේ වාද පිටිය දේශපාලන සංවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එකීය රාජ්‍යයක් ලෙස කටයුතු කිරිමට එකඟ වුවද, එකීය රාජ්‍යයක් යන පදයට ඉංග්‍රීසි බසින් හදුන්වන යුනිටරි ස්ටේට් (unitary state) යන්ට කිසිඳු එකඟතාවක් නොමැති බව ද ඒකීය යනුවෙන් තම පාර්ශවය අර්ථ දක්වන්නේ “එක රටක්” යන්න බව ද මන්ත්‍රීවරයා පැහැදිලි කළේය.

දෙමළ ජනතාව ඊළම වෙනුවෙන් වසර 30ක කාලයක් යුද්ධය කළ පිරිසක් බවත් මේ වන විට ඔවුන් මධ්‍යස්ථ සිටින්නට එකඟව ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.

ඔවුන් බලාපොරෝත්තුවන පරිදි නව ව්‍යවස්ථාවට අදාල කරුණු සම්මත කර ගැනීමට නොහැකි වුවහොත් එළඹෙන මැතිවරණයකදි දෙමළ ජාතික සංධානයේ වත්මන් මන්ත්‍රීවරුන් පරදවමින් අන්තවාදි පිරිසක් බලයට පත් කර ගැනීමේ අවදානමක් පවතින බව ද මන්ත්‍රීවරයා එහිදි ප්‍රකාශ කළේය.

සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට පිළිතුරු සපයමින් පිවිතුරු හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසුවේ තුවක්කුව රැගෙන පැමිණ සිදු කළ තර්ජනයම මේ වන විට වචනවලින් සිදු කරන බවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස