යහපාලන ආණ්ඩුවේ මුරබල්ලා ජවිපෙ! ඒ ආණ්ඩුව කළ සියලු අපරාධවලට ජවිපෙති වගකියන්න ඕන! – ජොන්ස්ටන්

February 8, 2020 at 8:59 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව රැකගැනීමට සටන් කළ ජවිපෙට එම ආණ්ඩුවේ වංචා දූෂණ සහ නාස්තිය පිළිබඳ චෝදනා නැඟිය නොහැකි බවත් ඔවුන්ද එම ආණ්ඩුවේ කොටස්කරුවන් ලෙස එම අපරාධවලට වගකිව යුතු බවත් ඇමති ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ජොන්සන්ට ප්‍රනාන්දු පවසයි.

පසුගිය ආණ්ඩුව රු. ලක්ෂ 28000ක් වැයකර ජනපති සහ ඇමති මණ්ඩලයට සුපිරි රථ මිලයට ගැනීම පිළිබඳ ව්වාදයට එක්වී අනුර දිසානායක නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව පැවසීය.

“ඔබතුමන්ලාත් ඒ ආණ්ඩුව නියෝජනය කළා. ඔබතුමන්ලා අරලියගහ මන්දිරයට පිටුපස දොරින් ගිහින් විරුද්ධවාදීන්ට නඩු දාපු අයයි. මේවායේ වගකීම ජවිපෙත් ගත යුතුයි.

පසුගිය ආණ්ඩුවට ඔබලා විවිධ අවස්ථාවලදී සහයෝගය දැක්වූවා. නඩු දැම්මා.

අපි ආණ්ඩුව ගත්තු වෙලාවේ. එවැනි වැරදි තීන්දු නිසා තමයි ජවිපෙ ඡුන්ද ප‍්‍රතිශතය අඩු වුණේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස