යහපාලන ආණ්ඩුවේ කිරි ගවයින් 15 000ක් ගෙන ඒමේ ව්‍යාපෘතිය නවතයි! අභිජනනය සඳහා ගවයින් 2500ක් පමණක් ගෙන ඒමට සැලසුම්!

June 7, 2020 at 10:53 pm | by emanisa.lk

දේශීය දියර කිරි කර්මාන්තය නගා සිටුවීම සඳහා පසුගිය ආණ්ඩුව විදේශයන්ගෙන් කිරි ගවයින් 15,000 ක් ගෙන්වීමට ගෙන තිබූ තීරණය වෙනස් කර එම ප්‍රමාණය 2,500 ට සීමාකිරීමට රජය තීරණය කර ඇති බව පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මංජුල මාගමගේ පවසයි.

එලෙස ගෙන්වන ගවයින් අභිජනන ක්‍රියාවලියට යොදාගන්නා අතර ඉන් බිහි වන පැටවුන් දේශීය කිරි ගොවීන් වෙත ලබා දෙන බවයි ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය පවසයි. කෙසේ වුවද පසුගිය රජය සිදුකළේ විදේශවලින් ගවයින් ආනයනය කර කෙළින්ම ගොවීන්ට ලබා දීමය.

මෙරට දෛනික කිරි අවශ්‍යතාව ලීටර් දොලොස් ලක්ෂයක් පමණ වන නමුත් ඉන් ගොවිපොළවලින් ලැබෙන දියර කිරි මගින් සම්පූර්ණ වන්නේ ලීටර් හාර ලක්ෂ පනස් දහසත් ලක්ෂ 6ත් අතර වන ප්‍රමාණයක් පමණි.

ඒ අනුව දේශීය දෛනික කිරි අවශ්‍යතාවෙන් අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් අප සපුරා ගන්නේ විදෙස් රටවලින් ආනයනය කරනු ලබන කිරි පිටිවලිනි.

මේ නිසා දේශීය දියර කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා සැලසුම් කිහිපක් සකස් කර ඇති අතර ඒ යටතේ මෙරට සිටින කිරි ගවයින්ට පෝෂ්‍යදායි ආහාර ලබා දීම,ඉහළ ගණයේ කිරි ගවයින් මෙරට තුළ අභිජනනය කිරීම සහ ලිංග නිර්මිත ශුකාණු ක්‍රමය භාවිත කර එළදෙනුන් ප්‍රමාණය වැඩිකිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව කර්මාන්තයක් ලෙස තණකොළ නිෂ්පාදනය කිරීමට එක්වන ලෙස ආචාර්ය මංජුල ගමගේ ආයෝජකයින්ගෙන් ඉල්ලා සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස