මිල්කෝ මූල්‍ය අර්බුද කතාව ලංකාදීපෙ බොරුවක්! – මිල්කෝ සභාපති

June 2, 2020 at 1:34 pm | by emanisa.lk

රාජ්‍ය ප්‍රතිපත්ති නිසා මිල්කෝ ආයතනය මූල්‍ය අර්බුදයකට මැදිව සිටින බවට ලංකාදීප පුවත්පත පළ කර ඇති පුවතෙහි කිසිදු සත්‍යතාවක් නොමැති බව මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ පවසයි.

අප කළ විමසීමකදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ මෙතෙක් ගෙවා නොමැතිව පැවති කිරි ගොවීන්ගේ හිඟ මුදල්  ගෙවමින් සාර්ථක ලෙස ආයතනය ඉදිරියට යන අවස්ථාවක මෙවැනි සාවද්‍ය පුවත් පළ කිරීම ආයතනයේ කීර්ති නාමයට දැඩි හානියක් බව ද අවධාරණය කරයි.

එසේම මිල්කෝ ආයතනයේ වගකිව යුතු නිලධාරියෙකුගෙන් නොවිමසා මෙම පුවත පළකිරීම මාධ්‍ය සාදාචාරයට පටහැනි බව ද මිල්කෝ සභාපතිවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස