ඕස්ට්‍රේලියන් හරක් ගෙනාවේ ජනතාවට බෙදන්න නෙමෙයි! පහුගිය ආණ්ඩුවේ හරක් වැඩ තුනක් නිවැරදි කරන්න! – මිල්කෝ සභාපති

June 6, 2020 at 10:18 am | by emanisa.lk

මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ තැබූ ෆේස්බුක් සටහනක් මෙසේය.

මුලින්ම කියන්න ඕන මම මේකට සෘජුව හෝ වක්‍රව හෝ සම්බන්ධ නෑ. මේක ලියන්නෙ වැරදි ප්‍රවෘත්ති යන නිසා සහ එය නිසි ලෙස නිවැරදි නොවන නිසා. ඕස්ට්‍රේලියානු මුල්‍ය ආයතනයක ණයක් මත ඕස්ට්‍රේලියාවෙන් කිරි දෙනුන් 20,000 ක් ආනයනය කිරීමේ ගිවිසුමක් තිබුණා.

කිරි දෙනුන් අභිජනනය සඳහා ආනයනය කර, ජාතික පශු සම්පත් මණ්ඩලයට ලබා දී ඉන් ලැබෙන ඊළග පරම්පරාවේ සතුන් තමා මීට පෙර අවස්ථාවලදි පිටට දුන්නේ.

නමුත් පසුගිය රජය කොහොමත් කළේ ගොන් වැඩනේ. මේකෙදිත් ගොන් වැඩක් කළා. සතුන් 5000 ක් ගෙනල්ලා, උන්ව කෙලින්ම මිනිස්සුන්ට දුන්නා. ඒක තමයි අසාර්ථක වුණේ. පසුගිය රජය ඒකෙ දෙවැනි ගොන් වැඩේ කළේ 2018 අප්‍රේල් මාසයේ. ඩොලර් මිලියන 11 ක් ඉතිරි සතුන් 15,000 සඳහා අත්තිකාරමක් ලෙස ගෙව්වා.

ඊට පසු, පසුගිය ගොන් රජය තුන්වෙනි ගොන්වැඩෙත් කළා. ඒක තමයි සල්ලි ගෙව්වට පස්සෙ සතුන් ගේන එක අත් හිටෙව්වා. නව රජයෙන් කළේ පසුගිය ගොන් රජය කරපු ගොන් වැඩ තුන නිවැරදි කරන්න අවශ්‍ය කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරපු එකයි.

නව රජය කරපු වැරැද්ද තමයි පසුගිය රජයෙන් කරලා තිබුණු ගොන්කම් තුන ගැන සඳහන් නොකර, අලුත් දෙයක් වගේ කියපු එක. මේ කැබිනට් පත්‍රිකාවේ දේශීය කිරි නිෂ්පාදනය වැඩිකිරීම සඳහා අර දැනටමත් ගෙවලා ඉවර ඩොලර් මිලියන 11 ගොන් විදියට නැතුව, හොඳ විදියට යොදා ගන්න යෝජනා 9 ක් ඇතුළත්.

ඒකෙ අවසන් යෝජනාව තමයි අර ඉතිරි දෙනුන් 15,000 වෙනුවට 2500ක් පමණක් ආනයනය කරලා ඒක මිනිස්සුන්ට නොදී ජාතික පශු සම්පත් මණඩලයට අභිජනනය සඳහා ලබා දීම. ඒකෙන් දෙවන හා තුන්වන පරම්පරාවේ මෙහේ ඉපදෙන පැටව් තමයි මිනිස්සුන්ට දෙන්නේ. සන්නිවේදනය හරියට කරගන්න බැරි ආණ්ඩුවක් කොපමණ හොඳ වැඩ කළත් පලක් නෑ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස