ආනයනික කිරිපිටිවල පෝෂණ ගුණය ඇමති හංගයි! තොරතුරු දැන ගැනීමේ පනත යටතෙත් නොදෙයි!

July 12, 2019 at 6:50 am | by emanisa.lk

නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ආනයනික කිරිපිටි වර්ගවල පෝෂණ ගුණය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමට මාස 5ක් දක්වා පිළිතුරු ලැබී නැත.

මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය එම තොරතුරු නොදන්නා බව පැහදිලි වී තිබේ. ආනයනික කිරිපිටිවල ගුණාත්මකභාවය පිළිබදව තොරතුරු දැනගැනීමට, නොහැකිවීම නිසා එම ව්‍යාපාරය විසින් ඊයේ (10) තොරතුරු දැනගැනී‌මේ අයිතිවාසිකම් පිළිබඳ ‌කොමිසන් සභාව ‌‌වෙත අභියාචනයක් භාර දෙන ලදී.

නිදහස් සෞඛ්‍ය සේවයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් ආනයනික කිරිපිටිවල ගුණාත්මකභාවය පිළිබදව තොරතුරු දැනගැනීමට, පෙබරවාරි 27 දින සෞඛ්‍ය අමාත්‍යංශයට ලිපියක් භාරදෙන ලදී. ඉන්පසුව මාර්තු 22 වැනිදා ලිපියක් මගින් සෞඛ්‍ය අමාත්‍යංශය දැන්වූයේ එම ඉල්ලීම පිළිබඳව උපදෙස් ලබා ගැනීමට ‌‌තොරතුරු දැනගැනී‌මේ අයිතිවාසිකම් පිළිබඳ ‌කොමිසන් සභාව ‌‌වෙත ‌යොමුකර ඇති බවත්ය.

කෙසේ වෙතත් එම ලිපිය ලැබීමෙන් මාස 2ට අධික කාලයක් ගත වුවත් ප්‍රතිචාර ‌‌නොලැබුණ බැවින් මැයි 6 වැනිදා එම ව්‍යාපාරය විසින් අභියාචනයක් සෞඛ්‍ය අමාත්‍යංශය ‌වෙත ‌යොමුකරන ලදී. එයට ප්‍රතිචාර ‌‌‌ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ‌යේ ‌ලේකම්වරයා ලිපියකින් දන්වා තිබුණේ ‌පෙර පරිදිම ‘උපදෙස් ලබා ගැනීමට ‌‌තොරතුරු දැනගැනී‌මේ අයිතිවාසිකම් පිළිබඳ ‌කොමිසන් සභාව ‌‌වෙත ‌යොමුකර ඇති බව’කි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස