ආණ්ඩුව මිල්කෝ සමාගම විකුණීමට සැරසෙයි! ගනුදෙනුවේ අතරමැදියා ඇමති පී. හැරිසන්ගේ පුතා!

July 1, 2019 at 12:24 pm | by emanisa.lk

රජයට අනුබද්ධව ක්‍රියාත්මක වන මිල්කෝ සමාගම විෂයභාර අමාත්‍ය පී. හැරිසන් මහතා ගේ සහෝදරියකගේ පුතෙකු යොදවාගෙන පෞද්ගලික අංශයට විකිණීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් එම වැඩසටහන කිසිම ආකාරයකින් ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බව මිල්කෝ ආයතනය සුරැකීමේ සංවිධානය සහ කිරි ගොවීන් සුරැකීමේ ජාතික මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.

මිල්කෝ සමාගම සුරැකීමේ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සංවිධානගතව ඔවුන් දඹුල්ලේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් එම මිල්කෝ සමාගම පෞද්ගලික අංශයකට විකුණා දැමීමේ කුමන්ත්‍රණය පිළිබඳව හෙළිදරව් කළේය.

එහිදී සුසන්ත කුමාර නවරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ මිල්කෝ සමාගම ඉතිහාසයේ ලාභ ලැබූ කාලයක් ඇත්නම් මාස 14ක පමණ කාලයක් පමණක් බවත් එය ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා සිටි කාලයේ පමණක් බවද හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස