කොරෝනා සහ ඇඳිරි නීතිය මැද මිල්කෝ නොසැලෙයි! කිරි එකතු කර කිරිපිටි සහ බටර් තනා ගොවීන්ට මුදලුත් දෙයි!

March 27, 2020 at 8:41 am | by emanisa.lk

කොරෝනා අභියෝගය හමුවේ නොසැලී සිය වගකීම ඉටුකළ සිය කාර්ය මණ්ඩලයට ස්තූති කරමින් මිල්කෝ ආයතනයේ සභාපති ලසන්ත වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයක් පහත දැක්වෙයි.

මිල්කො ආයතනයේ නිලධාරීහූ සහ කිරි ශීත කිරීමේ මධ්‍යස්ථානවල සේවකයෝ ඇඳිරි නීතිය පැනවූ දිනයේ පටන්ම කිරි ගොවීන්ගෙන් කිරි මිල දී ගැනීම අඛණ්ඩව සිදු වන බවට වග බලා ගත්තෝය.

ඇඳිරි නීතිය අවස්ථාවල දී කිරි ප්‍රවාහනට පැන නැගි බාධා ඉවත් කිරීමට මැදිහත් වූහ. වාර්තාගත කිරි ප්‍රමාණයක් මිල දී ගනිමින් අඹේවෙල කර්මාන්තශාලාවේ හයිලන්ඩ් කිරිපිටි හා බටර් ඇඳිරි නීතිය පවතිද්දීම නිෂ්පාදනය කර බෙදා හැරුණි.

සෞඛ්‍යාරක්ෂිත බව සහතික කිරීම සදහා සියලු සේවකයෝ කර්මාන්ත ශාලාව ආශ්‍රිතව නැවතී සිටීමට වගබලාගත්හ.
අද ඇඳිරි නීතිය ඉවත් කළ සියලු දිස්ත්‍රික්කවල කිරි ගොවීන්ට තමන් සැපයූ කිරිවලට අදාළ මුදල් ලබාගත හැකි වන පරිදි ඊයේ වන විට ඒ මුදල් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඇත.

දිවයින පුරා නොයක් ආකාරයේ ගැටළු මතු වුවද, කල් දැමිය නොහැකි ක්‍රියාවක් වන කිරි දෙවීමේ යෙදෙන කිරිගොවීන්ගේ ගැටළුවක් මතු නොවීමට හේතුව වූයේ ඉතා කඩිනමින් මැදිහත් වීමට මිල්කො ආයතනයේ නිලධාරීන් සහ සේවකයන් දැක්වූ ආකල්පයයි.
මේ අභියෝගාත්මක මොහොතේ රට වෙනුවෙන් තම යුතුකම ඉටු කරන මිල්කො කාර්ය මණ්ඩලයට මාගේ ප්‍රණාමය! පින්!

ලසන්ත වික්‍රමසිංහ
සභාපති
මිල්කො ආයතනය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *