කිරිඇල්ලගේ දුවගේ ලිපියකට RDAයට 45ක් අරන්! සුදුසුකම එජාප පාක්ෂික වීම සහ 8 පාස්වීමයි!

June 13, 2019 at 7:51 am | by emanisa.lk

ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලගේ දියණිය සහ පෞද්ගලික ලේකම්වරිය වන චමින්දානී කිරිඇල්ලගේ ලිපියක් අනුව මාර්ග සංවර්ධන අධිකාරියට කිසිදු විනිවිදභාවයකින් තොරව මහජන සම්බන්ධතා නිලධාරීන් 45 දෙනෙකු බඳවා ගෙන ඇතැයි ජනාධිපති කොමිෂන් සභාව හමුවේ දී ඊයේ (12) හෙළි වී තිබේ.

මෙම බඳවා ගත් පිරිස 8 වසර සමත් වීම සහ සන්නිවේදන හැකියාව එම තනතුරු සඳහා සුදුසුකම ලෙස සලකා ඇති අතර මාසිකව රු. 25 000ක වැටුපක් ලබා දී තිබේ. මෙම පිරිස මාර්ග සංවර්ධන අධිකාරියේ කිසිදු කාර්යාලයක් සඳහා සේවයට වාර්තා කර නොමැති අතර කිසිදු නිලධාරියකු ඔවුන් අධීක්ෂණය කර නොමැත.

මේ සියලු දෙනා ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වන අතර ලැයිස්තුවේ සඳහන් පළමු වැනියා වන ඩී.ජී. උපාලි නැමැත්තාගේ ලිිපි ගොනුවේ උඩපළාත් ප්‍රාදේශීය සභාවේ හිටපු එජාප මන්ත්‍රීවරයකු වීම අතිරේක සුදුසුකමක් ලෙස දක්වා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු අගවිනිසුරු උපාලි අබේරත්න මහතා ප‍්‍රධාන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව රැස්වූ අතර එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරියකු ලබාදුන් සාක්ෂිවලින් මෙම කරුණු හෙළිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස