ඇමති හැරිසන්ගේ හරක් වැඩක් නිසා රජයට රු. කෝටි 174ක පාඩුවක්!

March 10, 2019 at 8:36 pm | by admin

කිරි ගවයන් 15000ක් ආනයනය කිරීම සඳහා 2018 වසරේ දී එවක ග්‍රාමීය කර්මාන්ත ඇමතිවරයා වූ පී. හැරිසන් විසින් විදේශ සැපයුම්කරුවකුට රුපියල් කෝටි 174ක් ගෙවා තිබේ.

2018, 2019 සහ 2020 වසරවල කිරි ගවයන් ආනයනය සඳහා මෙසේ මුදල් ගෙවා ඇත්තේ 2018 මැයි 08 වෙනි දිනය. ඒ සඳහා යොදා ගෙන ඇත්තේ විදෙස් බැංකුවකින් ගත් ණය මුදලකි. ඒ අනුව 2018 වසරේ කිරි ගවයන් 1500ක් ආනයනය නියමිත වුවත් කිසිදු ගවයෙක් මෙතෙක් ලැබී නැත.

2019 වසරේ කිරි ගවයන් 7500ක් ද 2020 වසරේ කිරි ගවයන් 5000ක් ද ගෙවීමට සැලසුම් කළ මෙම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට යෝජිත සම්පූර්ණ මුදල ඇ. ඩො. 55 465 541කි. රු. කෝටි 174ක් ගෙවා ඇත්තේ ඉන් 20%ක අත්තිකාරමක් ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *