මොල්කාරයින්ගේ සහල් මාෆියාවට තිත! යුද හමුදාව රටපුරා වී ගබඩා කරයි!

February 13, 2020 at 3:15 pm | by emanisa.lk

පසුගිය සති දෙකක කාලය තුළ යුද හමුදාවේ මැදිහත් වීමෙන්, වී අලෙවි මණ්ඩලය විසින් ගොවීන්ගෙන් වී කිලෝ ලක්ෂ තිස් තුනක පමණ ප්‍රමාණයක් මිලදී ගෙන ඇත.

මෙරට ක්‍රියාත්මක සහල් මාෆියාව බිඳ දැමීමේ අරමුණින් යුද හමුදාව මැදිහත් වී මෙම වී මිලදී ගැනීමේ කටයුත්ත ක්‍රියාත්මක වෙයි. එහිදි යුද හමුදාව විසින් ගොවිබිම් වලටම ගොස් පුද්ගලික වී මෝල් හිමියන්ට පෙර වී මිලට ගැනීම සිදු කළා.

රට පුරා පිහිටි සියලු ආරක්ෂක මූලස්ථාන මැදිහත්වීමෙන් මෙම කටයුත්ත සිදු කෙරේ. වී වලට සහතික මිලක් ලබාදීමත් ගොවියාට උපරිම මිලක් ලබාදීමට මෙහිදී අරමුණු කර ඇත.

මේ වෙනුවෙන් වී අලෙවි මණ්ඩලය සතු ගබඩා තිස්අටක් යුදහමුදාව විසින් අලුත්වැඩියා කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස