වී ගොවියගේ කල හොඳවෙයි! ආණ්ඩුව කිලෝව රු.50ට මිලට ගනී!

January 28, 2020 at 9:20 am | by emanisa.lk

මහ කන්නයේ වී කිලෝවක් සඳහා රු. 50ක සහතික මිලක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

එමෙන්ම අසම්පූර්ණ වී කිලෝවක් සඳහා රු. 44ක මුදලක් ලබා දීමට නියමිත අතර රජය විසින් මිලට ගන්නා එම වී වල මුදල් එදිනම ගොවීන්ගේ බැංකු ගිණුම්වලට බැර වනු ඇත.

මෙම ක්‍රියාවලිය සඳහා සම්බන්ධ වන බැංකු දින 7 ම විවෘතව පවතින අතර වැසී ගිය කුඩා මෝල් හිමියන් බලගැන්වීමද මෙහි එක් අරමුණක් වෙයි.

මෙම ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාවේද සහයෝගය ලබා ගැනීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස