මුසාවාදා වේරමණී කිව්වාට ලංකාවේ මිනිස්සු කියන්නෙම බොරු! මම කෝල් රෙකෝඩ් කළේ ඒකයි! – රංජන්

January 11, 2020 at 10:32 am | by emanisa.lk

ලංකාවේ මිනිස්සු මුසාවාදා වේරමණී සික්ඛා පදං සාමාධියාමි යැයි කීවද කියන්නේම බොරු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක පවසයි.

එහෙයින් ඕනෑම කරුණක් ඔප්පු කිරීමට සාක්ෂි උවමනා බවත් එහෙයින් තම දුරකතන සංවාද පටිගත කළ බවත් හෙතෙම පවසයි.

මේ රටේ අගවිනිසුරුවරයෙක් හිර ගෙදර යන්න ඕන කෙකෙක් රජ ගෙදර යැවූ බව පැවසුවත් පසුව එය නොපිළිගත් බවත් වාචපිටිය වැඩසටහනේදී ගෙවිඳු කුමාරතුංග උදය ගම්මන්පිල පවා එය නොපිළිගත් බවත් එවිට එම කතාව පෙන්වීමට තමන්ට සිදු වූ බවත් ඔහු සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස