මුස්ලිම් ජනතාවට භූමදානය අයිතිය ලබා දෙන්න! – අමරපුර සහ රාමාඤ්ඤ මහා සංඝ සභාව ජනපතිගෙන් ඉල්ලයි….

December 27, 2020 at 11:29 pm | by emanisa.lk

කොරෝනා මෘතදේහ භූමදානය සඳහා කොන්දේසි සහිතව අවස්ථාව ලබා දෙන ලෙස තමන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා අමරපුර සහ රාමාඤ්ඤ සාමාග්‍රි මහා සංඝ සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

එම කොන්දේසි ජනතාවගේ සෞඛ්‍යය ද මුස්ලිම්, කතෝලික ඇතුළු අනෙකුත් ආගමික කොටස්වල වත්පිළිවෙත් ද ආරක්ෂා වන ආකාරයට සැකසිය යුතු බව එමගින් යෝජනා කෙරේ. අධිකාරියක අනුමැතිය සහිතව කල්පවත්නා මිනී පෙට්ටි, ජල මුද්‍රා කළ කොන්ක්‍රීට් සොහොන් ආදිය ඒ සඳහා සුදුසු බව ද පෙන්වා දී තිබේ. එහි සාර්ථකත්වය විමසීම සඳහා පරීක්ෂණ මට්ටමින් භූමදානය ඇරඹිය හැකි බව ද එහි සඳහන් වෙයි.

මෙම කරුණ පදනම් කරගෙන රජය අපහසුතාවට පත්කිරීම සහ මුස්ලිම ජනතාව අතර නොසන්සුන්තාවක් ඇති කිරීම වැළැක්වීම සඳහා මෙම සංවේදී කාරුණික ඉල්ලීම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එම සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව එම ලිපියෙහි වැඩි දුරටත් පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස