කොරෝනා දේහ භූමදාන කරන්න පුළුවන්! එක්සත් ජාතීන්ගෙන් අගමැති මහින්දට ලිපියක්! සබ්‍රිට සහ පවිත්‍රාට පිටපත්..

November 13, 2020 at 3:22 pm | by emanisa.lk

මරණයට පත්වන කොරෝනා ආසාදිතයන්ගේ මෘත දේහ භූමදාන කිරීමෙන් වෛරසය ව්‍යාප්ත වන බවට සාක්ෂියක් ලැබී නැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කරයි.

එ නිසා එම මෘතදේහ අවශ්‍ය නම් භූමදානය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සඳහන්කර ඇතැයි කොළඹ සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රධානියා සඳහන් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත කොළඹ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක හැනා සිගර් විසින් මේ බව ලිඛිතව දැනුම්දී තිබේ.

විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන, සෞඛ්‍ය ඇමතිනි පවිත‍්‍රා වන්නිආරච්චි, අධිකරණ ඇමති අලි සබ්‍රි වෙත ද පිටපත් සහිතව එම ලිපිය යොමු කර තිබේ.

පවත්නා තත්ත්වය යටතේ ඇතැම් පුද්ගලයින් කොරෝනා ආසාදනය වුව ද ප‍්‍රතිකාර සඳහා ඉදිරිපත් වීම අධෛර්යමත් විය හැකි බව එම ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත.

ඉදිරි කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා විසින් අදාළ ලිපිය සෞඛ්‍ය බලධාරීන් වෙත යොමු කර ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යයාල ආරංචි මාර්ග සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස