ආදාහන තීන්දුව ගත්තේ සෞඛ්‍ය බලධාරීන්! සියලු දෙනා එම තීන්දුවට ගරු කළ යුතුයි! – සරත්

December 26, 2020 at 10:11 pm | by emanisa.lk

කොරෝනා මරණ ආදාහනය කරනවා ද භූමදාන කරනව ද යන්න තීරණය කරන්නේ දේශපාලකයින් නොව සෞඛ්‍ය බලධාරීන් බව මහජන ආරක්ෂක ඇමැති සරත් වීරසේකර පවසයි.

සෞඛ්‍ය සහ පරිසරය ආදී සියලු කරුණු සලකා බලා කොරෝනා මෘතදේහ ආදාහනය කළ යුතු බවට තීන්දුවක් ලබා දුන්නේ සෞඛ්‍ය බලධාරීන් බව ද ඇමැතිවරයා පෙන්වා දෙයි.

එය ජාතික ආරක්ෂාව උදෙසා ගත් ප්‍රතිපත්තිමය තීරණයක් බවත් ඊට ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා ගරු කළ යුතු බවත් හෙතෙම සඳහන් කරයි.

බෞද්ධයින්ට පාංශුකූලය අහිමි වී ඇති බවත් කතෝලිකයන්ට ද භූමදානය කිරීම අහිමි වී ඇති බවත් පවසන ඇමැති වීරසේකර සියලු දෙනා ජාතික ආරක්ෂාව උදෙසා ගත් තීන්දුවට ගරු කළ යුතු බව වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස