කොරෝනා දේහ ආදාහනයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙනවා! රිෂාඩ් බදියුදීන් ඇතුළු පක්ෂයම ශ්‍රේෂ්ඨාධිකරණයට!

May 14, 2020 at 11:33 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු ආදාහනය කිරීම ඉස්ලාම් දහමට සහ ඉගැන්වීමට පටහැනි බවට පවසමින් හිටපු අමාත්‍ය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිෂාද් බදියුදීන් සහ එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුහ.

කොරෝනා වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.

එස්. අමීර් අලි, ඒ.එම්. මහරූප්, හුසේන් අහමඩ් බහිලා මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති.

සෞඛ්‍ය ඇමැතිනීතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානී ජයවර්ධන, සහ නීතිපති මෙහි වගඋත්තරකරුවෝ වෙති.

කොරෝනා වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවන් කියා සිටිති.

එහිදි ” a ” දරන රෙගුලාසි යට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු යැයිද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකි බවද ඔවූහු සිය පෙත්සමින් කියා සිටිති.

එසේ තිබියදී මෙරට සිදුවන මරණ සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර එම සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව පෙත්සම්කරුවන් කියා සිටිති.

සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන කරන බවද පෙත්සම්කරුවෝ කියා සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස