කොරෝනා ජලය ඔස්සේ බෝ වෙන්න පුළුවන්! ඒ නිසා කොරෝනා සිරුරු භූමදානයට ඉඩදිය යුතු නෑ! – බෙංගමුවේ නාලක හිමි..

November 14, 2020 at 7:28 am | by emanisa.lk

මුස්ලිම් භක්තිකයකු වූ අලි සබ්‍රි අධිකරණ ඇමැති වූ පළියට සෞඛ්‍ය නීති රීති ඇතුළුව රටේ නීති වෙනස් කිරීමට ඉඩ ලබා දිය නොහැකි යැයි දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියෝ පැවසූහ.

එහෙයින් කොරෝනා රෝගය නිසා මියැදෙන කිසිදු පුද්ගලයකුගේ මෘතදේහයක් භූමදානය නොකළ යුතු බව ද එහිමියන් අවධාරණය කළහ.

එම රෝගය හේතුවෙන් මියයන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට ගෙන ඇති තීරණයට දේශපේ‍්‍රමී භික්ෂු පෙරමුණ බලවත් විරෝධය පළ කරන බව සඳහන් කළ බෙංගමුවේ නාලක හිමියෝ මුළු රටේම ජනතාවගේ ආරක්ෂාව පතා රජය නිවැරදි ම තීන්දුව මෙහිදී ගත යුතු බව අවධාරණය කළහ.

ස්වකීය මෘතදේහ භූමදානය කිරීම මුස්ලිම් ආගමික සිරිතක් වුව ද, කොරෝනා වැනි භයානක විෂබීජයක් ශරීරගතව මියගිය විට එම මෘතදේහයන් භූමදානය නොකර ආදාහනය කිරීමට තරම් මුස්ලිම් ආගමික නායකයන් නම්‍යශීලී විය යුතු බව උන්වහන්සේ පැවසූහ.

ජල උල්පත් සහිත, ළිං ජලය බහුලව පරිභෝජනය කරන අප වැනි රටක මෙවැනි මළ සිරුරු භූමදානය කිරීමෙන් ජලය හරහා එම විෂබීජ විශාල ලෙස පැතිර යෑමේ අනතුර ඉහළ බව ද බෙංගමුවේ නාලක හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස