කොරෝනා මරණ භූමදානයට අවසර දෙනවා! – ඇමැති අමරවීර

November 10, 2020 at 10:20 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී මිය යන අයගේ සිරුරු භූමදානය සඳහා ලොව වෙනත් කිසිදු රටක් තහංචි පනවා නැතැයි ඇමැති මහින්ද අමරවීර පවසයි.

ලංකාවේ කොරෝනා මරණ ආදාහනය පිළිබඳ සියලු තීරණ ගත්තේ රජය නොව විශේෂඥ කණ්ඩායමක් බවත් ඉදිරියටත් එම තීන්දු ගනු ලබන්නේ ඔවුන් විසින් බවත් ඇමැතිවරයා සඳහන් කළේ ය.

මේ පිළිබඳ පසුගිය කැබිනට් හමුවේ දී ද සාකච්ඡා කළ බවත් ඉදිරියේ දී වියළි කලාපයේ කොරෝනා ආසාදනය වී මිය යන මුස්ලිම් අයගේ සිරුරු භූමදානය සඳහා අවසර ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස