කොරෝනා මරණ භූමදානය තලෙයිමන්නාරම් දූපතේ?

November 17, 2020 at 1:23 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන මුස්ලිම් අයගේ සිරුරු කොළඹ මුස්ලිම් සුසාන භූමිවල භූමදානය සඳහා ගෙන ආ යෝජනාවට බොහෝ කැබිනට් ඇමැතිවරුන් එරෙහි වී ඇතැයි වාර්තා වෙයි.

එය අනතුරුදායක මෙන් ම ජනතාව නො සන්සුන් කරවන තීන්දුවක් විය හැකි බව ඔවුන්ගේ අදහස වී තිබේ.

අනතුරුව එම සිරුරු බෙහෙවින් වියළි භූමියක් වන තලෙයිමන්නාරම් දූපතේ භූමදානය සඳහා යෝජනා වී ඇති අතර ඒ සඳහා බොහෝ ඇමැතිවරුන් එකඟ වී තිබේ.

මේ පිළිබඳ සොයා බලා සිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට විශේෂඥ කමිටුවට උපදෙස් ලබා දී තිබේ. සෞඛ්‍ය බලධාරීන් ඒ සඳහා අනුමැතිය ලබා දෙන්නේ නම් පමණක් රජය ඊට අනුමැතිය දීමට සූදානම් බව වැඩි දුරටත් වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස