කොරෝනා මරණ භූමදානයට ඉඩ නොදීම විකරායක්! – අලි සබ්‍රි

November 29, 2020 at 10:36 am | by emanisa.lk

කොරෝනා වෛරස ආසාදනයෙන් මිය යන පුද්ගලයන් භූමදානයට ඉඩ නොදීම මහා විකාරයක් යැයි අධිකරණ ඇමැති අලි සබ්රි සඳහන් කරයි.

භූගත ජල මට්ටම ඉහළ රටවල් ද ඇතුළුව ලොව රටවල් 194ක් කොරෝනා දේහ භූමදානය ඉඩ දී ඇති බව තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයත්, ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය එය පිළිගෙන ඇති බවත් එක්සත් ජාතික සංවිධානය එය සලකා බලන ලෙස ද ඉල්ලීමක් කර ඇති බවත් එහි දැක්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස