ඉස්ලාම් භක්තික කොරෝනා මරණ භූමදානයට කැබිනට් අනුමැතිය!

November 9, 2020 at 10:41 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ආසාදනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භූමදානය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බව සමාජ මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා මරණ භූමදානය හෝ ආදාහනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය ලැබුණු අතර ඒ ඒ රටවල පාරිසරික සාධක ද එහි දී සැලකිල්ලට ගතයුතු බව කියැවිණි.

කෙසේ වුව ද ශ්‍රී ලංකාවේ මෙතෙක් කිසිදු භේදයකින් තොරව සියලු සිරුරු ආදාහනය කළ අතර ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු භූමදානය සඳහා අවසර ලබා දෙන ලෙස මුස්ලිම් කණ්ඩායම් පසුගිය සමයේ දිගින් දිගට ම ඉල්ලා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස