ආණ්ඩුව වැඩගන්න බැඳගත් භූතයා පාලනය කරගන්න බැරි තැනට පත්වෙලා! – පුබුදු ජයගොඩ

December 26, 2020 at 1:02 pm | by emanisa.lk

මුස්ලිම් ජනතාවගේ පමණක් නොව සෙසු ආගමික කොටස්වල ද සංස්කෘතික අයිතිවාසිකම් ලබා දිය යුතු අවස්ථාව පැමිණ ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි.

එසේ නොවුණහොත් එම සංස්කෘතික ඉල්ලීම් වඩා අන්තවාදී ආකාරයෙන් ඉදිරියට පැමිණීමේ ඉඩක් ඇතැයි ඔහු අනතුරු ඇඟෙව්වේ ය.

කොරෝනා මරණ භූමදානය පිළිබඳ ප්‍රශ්නය මේ වන විට වෛරස් පිළිබඳ ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් යැයි ද ඔහු සඳහන් කළේ ය.

ආණ්ඩුව වැඩ ගැනීමට බැඳගත් භූතයා පාලනය කරගත නොහැකි තැනට පත්ව ඇති බවත් විපක්ෂය බොරදියේ මාළු බෑමට උත්සාහ කරන බවත් පුබුදු ජයගොඩ වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස