කොරෝනා දේහ මාලදිවයිනට යවන කතාවක් අපි දන්නේ නෑ! – කැබිනට් ප්‍රකාශක…

December 15, 2020 at 2:04 pm | by emanisa.lk

ශ්‍රී ලාංකික කොරෝනා මෘතදේහ භූමදානය සඳහා මාලදිවයිනේ ඉඩ ලබා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡා කළ බවක් තමා නොදන්නා බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද (15) පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

මාලදිවයින් විදේශ අමාත්‍යවරයා විසින් එරට ජනාධිපතිවරයාගෙන් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එවැනි ඉල්ලීමක් කළ බවට ට්විටර් සටහනක් තැබීම පදනම් කරගෙන මාධ්‍ය විසින් මෙම ප්‍රශ්නය විමසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *