මමත් හරිම සරලයි! පාවිච්චි කළේ චමල්ගේ වාහනේ! ඇන්දේ චමල්ගේ ඇඳුම! – ස්වාධීන කතානායක

February 8, 2020 at 8:35 pm | by emanisa.lk

තමන් කිසි දිනක මහජන මුදල් අවභාවිත නොකළ බව කථානායක කරු ජයසුරිය පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද (08) පෙරවරුවේ මහනුවරදී  මහනාහිමිවරු බැහැදැකීමට පැමිණි අවස්තාවේදීය.

එහිදී මාධ්‍යවේදීන් ඇසු පැනයකට පිළිතුරු දෙමින් කරු ජයසුරිය මෙසේද සඳහන් කළේය.

පසුගිය වසර පහ තුළ පමණක් නෙවෙයි දේශපාලන ජීවිතය තුළ කිසි දිනෙක මම වෙනුවෙන් රජයේ මුදලින් අලුත් වාහන ගෙන්වා නැහැ.

මේ අවුරුදු පහම පාවිච්චි කලේ හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා පාවිච්චි කල නිල වාහනය. පසුගිය වසර පහම ඇන්දේ හිටපු කථානායක චමල් රාජපක්ෂට මැසු නිල කබායමයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස