‍එජාපෙ නායකත්වය ස්වාධීන කතානායක කරූට! පැරදුණු සජිත්ට නායකත්වය දෙන්න රනිල් පිළ සූදානම් නෑ!

January 2, 2020 at 9:55 am | by emanisa.lk

එළඹෙන මහා මැතිවරණයේ දී එජාපය මෙහෙය වීම සඳහා කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් පිහිටුවීමට රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් ඊයේ (31) පැවැත් වූ එක්සත් ජාතික පෙරමුණ නායකයන් තීරණය කර තිබේ.

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ එජාප මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව එම තීන්දුවට අනුමැතිය ලබා දෙන්නේ නම් තමා එම වගකීම භාරගැනීමට සූදානම් බව කරූ ජයසූරිය පවසා ඇතැයි වාර්තා වෙයි.

මේ පිළිබඳ ඉදිරි සාකච්ඡා කටයුතු ජනවාරී 03 වෙනිදා පාර්ලිමේන්තු රැස්වීම අවසන් වන තුරු කල් තබා ඇති අතර ඔවුන් නැවත ජනවාරි 05 වෙනිදා හමුවීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස