රනිල්-සජිත් ආශීර්වාදයෙන් එජාපය භාරගන්න ස්වාධීන කතානායක කරූ සූදානම්!

January 17, 2020 at 9:31 pm | by emanisa.lk

සියලු පාර්ශවයන් එකට ඒකරාශී කරමින් පූර්ණ සහ පුළුල් ප්‍රතිසන්ධනයක් ඔස්සේ එක්සත් ජාතික පක්ෂය යළි ගොඩනගා විජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකීම භාර ගැනීමට තමා සූදානම් බව කතානායක කරූ ජයසූරිය අවධාරණය කරයි.

කෙසේ නමුත් තමාට එම වගකීම භාර ගත හැක්කේ තමා ඉදිරිපත් කර තිබෙන කොන්දේසි පහට එකඟ වන්නේ නම් පමණකැයි ද කතානායකවරයා එජාප නායක රනිල් වික්‍රමසිංහ ප්‍රධාන ජ්‍යෙෂ්ඨයින්ට දැනුම් දී තිබේ.

එම වගකීම් භාර ගැනීමට නම් එක්සත් ජාතික පක්ෂයට අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්න පුර්ණ බලයක් තමාට අවශ්‍ය බව අවධාරණය කර සිටින කරූ ජයසූරිය එම බලය තමා වෙත පැවරිය යුත්තේ පක්ෂ නායකයා රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් බව ද පෙන්වා දී ඇත.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ ද එකඟත්වය අවශ්‍ය බව පෙන්වා දෙන කතානායකවරයා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පාක්ෂිකයාගේ මතය නියෝජනය කරමින් පක්ෂ මහා සම්මේලනයකදී ඊට අනුමැතිය ලබා ගත යුතු බව ද අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස