තවත් ව්‍යවස්ථා මගඩියක්! ව්‍යවස්ථාවේ ජාතික ආණ්ඩු නිර්වචනයත් විකෘතියක්!

February 2, 2019 at 5:46 pm | by admin

ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ ජාතික ආණ්ඩුව යන්නට පාර්ලිමේන්තුව අනුමත කළ නිර්වචනය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ පවසයි.

19 වන සංශෝධනයේ ජාතික ආණ්ඩුව යන්නට 2015 අප්‍රේල් 28 නිර්වචනයක් ඉල්ලා ඇත්තේ චන්ද්‍රසිරි ගජධීර මන්ත්‍රිවරයා විසිනි. ඒ සඳහා එදා තමන් ලබා දුන් නිර්වචනය පාර්ලිමේන්තුවේ සම්මත වූ බවත් කාරක සභා අවස්ථාවේ එය වෙනස් කර අනතුරුව කතානායකගේ අත්සන ලබා ගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු හෑන්සාර්ඩ් වාර්තා අනුව ජාතික ආණ්ඩුව යන්නට සපයා ඇති නිර්වචනය මෙසේය.

“ජාතික ආණ්ඩුව යනු මෙම පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගත් පක්ෂය සහ දෙවනුව වැඩිම මන්ත්‍රී ආසන ප්‍රමාණයක් ලබා ගත් පක්ෂය දෙක එකට එකතු වී පිහිටවනු ලබන ආණ්ඩුවක් වන්නේය.”

මෙම නිර්වචනය කාරක සභා අවස්ථාවේ සංශෝධනය කර කතානායකගේ අත්සන සඳහා ඉදිරිපත් කර සම්මත කර ඇත්තේ පහත පරිදිය.

“ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ප්‍රමාණයක් ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ජඩායම සහ පාර්ලිමේන්තුවේ අනෙකුත් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකතුව පිහිටවනු ලබන ආණ්ඩුව වන්නේය.”

මේ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(5) ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත්තේ උත්තරීතර පාර්ලිමේන්තුව අනුමත කළ ව්‍යවස්ථාවක් නොව කූට ලෙස වෙනස් කරන ලද්දකි. වර්තමාන ජාතික ආණ්ඩුව බලාත්මක වන්නේ පාර්ලිමේන්තුව අනුමත නොකළ එම ව්‍යවස්ථා අනුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *