මංගල සමරවීරගේ දැවැන්ත දූෂණයක් හෙළිවෙයි! සුරා බලපත්‍ර විකුණා ලක්ෂ 5000ක් වංචා කරලා!

January 17, 2020 at 9:19 am | by emanisa.lk

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර සුරා බලපත්‍ර 10ක් විකුණා රු. ලක්ෂ 5000ක් දැවැන්ත මහජන මුදල් වංචාවක් සිදුකර ඇතැයි හෙළිදරව් වී තිබේ.

මෙම වංචාව පිළිබඳව දුම්කොළ හා මද්‍යසාර පිළබඳ ජාතික අධිකාරියේ හිටපු සන්නිවේදන නිලධාරී ප්‍රදීප් සන්ජීව පෙරේරා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මංගල සමරවීර, තුසිත හල්ලොලුව සමග එක් වී කල රටම කළඹන ලක්ෂ 5000 සුරා බදු FL4 බලපත්‍ර වංචාව හෙළි වෙයි

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර එම අමාත්‍ය ධූරය දරන අවසන් කාල පරිච්ඡේදය එනම් ජනාධිපතිවරණය ආසන්නයේ දී තම සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ලොලුව සමග එක් වී සිදු කරනු ලැබූ සුරා බදු බලපත්‍ර වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අද අනාවරණය වී තිබේ.

FL4 බලපත්‍ර 10ක් මෙලෙස හිටපු මුදල් අමාතය මංගල සමරවීර විසින් තුසිත හල්ලොලුව සමග එක් වී ලක්ෂ 5000ක් ලබා ගනිමින් විකුණා තිබෙන බව ද සුරා බදු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මේ පිළිබඳව තොරතුරු අන්තර්ගත වන ලිපිගොනු සියල්ලම පාහේ නව සුරාබදු කොමසාරිස්වරයා විසින් අද දින පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම බලපත්‍ර වංචාව පිළිබඳව තොරතුරු සොයගෙන ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.

මේ FL4 බලපත්‍ර වංචාව පිළිබඳව වහාම පරීක්ෂණ ආරම්භ කිරීමට නව සුරාබදු කොමසාරිස්වරයා සූදානමින් සිටින බව එහි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. පසුගිය කාලයේ දී නව සුරාබදු කොමසාරිස්වරයා පත්කිරීමට විරුද්ධව කටයුතු කළේ මේ සඳහා හවුල් වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව තොරතුරු ලබා දුන් නිලධාරීහු පෑවසූහ.

ප්‍රදීප් සන්ජීව පෙරේරා
සන්නිවේදන නිලධාරී (හිටපු)
දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස