මන්නාරම ක්‍රිස්තියානි අන්තවාදීන් හින්දු කෝවිල්වලට පහර දීමට එරෙහිව හින්දු සංවිධාන විරෝධතාවක!

April 9, 2019 at 11:58 am | by admin

ක්‍රිස්තියානි අන්තවාදීන් විසින් මන්නාරමේ හින්දු කෝවිල්වලට ප්‍රහාර එල්ල කිරීමට එරෙහිව රටේ නොයෙක් ප්‍රදේශවලින් පැමිණි හින්දු ක්‍රියාකාරීන් ආහාර වර්ජනයක නිරත වෙමින් විරෝධය පා තිබේ.

යාපනයේ මරුතනාමඩම් හින්දු කෝවිලේ පසුගිය සෙනසුරාදා උදේ 8 සිට හවස 5 දක්වා පැවති මෙම විරෝධතාවට දිවයිනේ ප්‍රධාන හින්දු නායකයෝ සහභාගී වූහ.

විශේෂයෙන් මන්නාරම ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රධාන පූජකයාගේ මූලිකත්වයෙන් මන්නාරම තිරුකේතීශ්වරම් කෝවිලේ පිවිසුම් තොරණ ඇතුළු සැරසිලි කඩා බිඳ දැමීමට එරෙහිව මෙම විරෝධතාව සංවිධානය කෙරිණි.

හින්දු සම්මේලනයේ ප්‍රධානී නාරා ටී. අරුණ්කාන්ත්, ශිවසේනා සංවිධානයේ සභාපති මරවනපුලව් සචිත්ත්‍රනාදන්, යාල් ශිව සංවිධානයේ ලේකම් ශක්තිග්‍රීවන්, හින්දු සම්මේලනයේ අනුශාසක රාසය්යි සෙල්ලයියා ද මේ අතර වූහ.

නල්ලූර් කෝවිලේ ප්‍රධානී ගරු ශ්‍රීපශ්‍රී සෝමසුන්දර තෙසිගා ඥානසම්බන්ත පරමාචාර්යතුමා වේදිකාවට පැමිණ විරෝධතාකරුවන්ට ආශීර්වාද කළ අතර පූජා කටයුතු සඳහා කෝවිලට පැමිණි දහස් ගණනකගේ අවධානය මෙම විරෝධතාව වෙත යොමු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *