පෑඩ් එකයි කොඩියයි, තාත්තයි පුතයි! – ප්‍රවීණ මාධ්‍යවේදී මාලින්ද සෙනෙවිරත්න

November 9, 2019 at 10:35 am | by emanisa.lk

රණසිංහ ප්‍රේමදාස ජනාධිපති සමය මතක් වුණා. නිදහස් දිනයට දවස් කලින් ප්‍රේමදාස නිවේදනයක් නිකුත්කරනවා මේ වගේ — ‘නිදහස් දවසේ හැම ගෙදරකම ජාතික කොඩියක් ඔසවන්න.’

ඒ කාලේ ප්‍රේමදාස කියන දේවල් නොතකා හිටිපු අය අඩුයි. භීෂණයේ ද්විත්ව පියවරුන්ගෙන් එක්කෙනෙක් ප්‍රේමදාස නේ. අනිත් එක්කෙනා රෝහණ විජේවීර. කොහොම වුණත් නිවේදනය නිකුත් කරපු දවසට පහුවෙනිදා සියලු නගරවල කඩ සාප්පුවල ජාතික කොඩි විකුණන්න තිබුණා. පොලිතීන් කොඩි. මාරම නිෂ්පාදනයක්. එක රැයකින් හිටං! කවුද නිෂ්පාදනය කෙරුවේ? කාගේ සාක්කුවටද සල්ලි වැටුණේ? අනේ අර අහිංසක ඇලෝෂියස් මුදලාලි. ප්‍රේමදාසගේ කල්‍යාණ මිත්‍රයා.

දැන් ප්‍රේමදාසගේ පුතා, ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස, කියනවා තමන් ජනපති වුණොත් රටේ හැම කාන්තාවකටම නොමිලේ පෑඩ් බෙදනවා කියලා. හොඳ පියවරක් (‘හොඳ පියවරවල්’ ගැන පසුවට කතා කරමු). ප්‍රශ්නේ මේකයි. මේවට සල්ලි කොහෙන්ද? මහා බැංකුවෙන්! ඒ කියන්නේ ජනතා මුදල්. පෑඩ් සංස්ථාවක් රටේ නැහැ. එතකොට කොහෙන්ද පෑඩ් ගන්නේ? ඔන්න බලන්න සජිත්ගේ ටිකිරි මොළේ — පෑඩ් ආනයනය කරන ප්‍රධාන සමාගමක් තමයි කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරය. එයාලගෙයි සජිත්ගෙයි සම්බන්ධය ගැන දන්නේ නැත්තම් යූටියුබ් එකට ගිහින් පොඩි රිස(ර්)ච් එකක් කරන්න. සජිත් ගැන වැඩියෙන්ම වීඩියෝ ක්ලිප් සිරස දාපු ඒවා මැතිවරණ කාලය පැත්තකට දාල ඊට පෙර වීඩියෝ ක්ලිප් සලකල බැලුවොත් තේරෙයි සජිත් කාගේ ඉත්තෙක්ද කියලා.

සජිත් කාලගුණ සලකන කෙනෙක් වෙන්න ඇති. ජනතාවාදී ස්ත්‍රීවාදී ටෝක් එක්ක පෑඩ් කතා කිව්වත් පෑඩ් ප්ලෑන් එකේ යටාර්ථය ඕකයි. වැලේ වැල් නැති වම්මු, ගල්ලිබ්බෝ, ටොයියෝ සහ ෆේක් ටොයියෝ දන්න නමුත් නොකියන රහස තමයි ඕක. එයා විකුණන්නේ ස්ත්‍රීවාදය. තාත්තා ගසා කෑවේ ජාතිකත්වය. ‘එයාල අපට උදව් කරනවා අපි එයාලට උදව් කරනවා.’ ඕකයි තියරිය. ඕකයි මතවාදය.

හොඳ පියවර ගැන සැක කරන එක හොඳයි. තව එක උදාහරණයක් ඉදිරිපත් කරන්නම්. පාසැල් සිසුන් රක්ෂණය කරන එකත් ඔය වගේම ‘හොඳ දෙයක්’. කාගේ සල්ලිද? ජනතා සල්ලි. කාටද වාසි? රක්ෂණ සමාගම් සහ පුද්ගලික රෝහල්. නියමයි නේද?

පෑඩ්වලට අදාළ තවත් දෙයක් තියෙනවා නෝනාවරුනි මහත්වරුනි. පෑඩ් බද්ද පැනෙව්වේ සජිත්ගේ යහපාලන ආණ්ඩුවම තමයි. පෑඩ් ගණන් ගියේ එහෙමයි. එතකොට ෆ්‍රී පෑඩ් වලට ඉල්ලුමක් තියෙනවා. එතකොට ඒක මැතිවරණ පොරොන්දුවක් වෙනවා. කොහොමද පොඩි ප්‍රේමදාසගේ ටිකිරි මොලේ?

ඒ ගැන මම නම් පුදුම වෙන්නේ නැහැ. තාත්තගේ ජාන ගැන නිතර කතා කරන අතිජාත පුත්‍රයාගේ ජාන වල තාත්තගේ සටකපටකම් තියෙන්න ඕන. එක ස්වභාවිකයි. මට දුක වම්මු සහ ගල්ලිබ්බෝ ගැන. මේ තරම් ලේසියෙන් අන්දන්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා තියෙන එක ගැන.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස