සජිත් පෑඩ්මෑන් ලේබල් බලෙන් ගහගන්නේ ඇයි! – කාංචන

October 30, 2019 at 10:51 am | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තමාම padman යයි හඳුන්වා ගනිමින් තමාම මාර්කට් කරමින් පහත් මාධ්‍ය මෙහෙයුමක් දියත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන විජේසේකර පවසයි.

කාන්තාවන් මුහුණ දෙන ඇතැම් ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම අගය කළ යුතු වුවත් කිසිවකු ඔහු padman යැයි හැඳින්වූයේ නැති බවත් තමාගේ පිටේ තමා විසින්ම එම ලේබලය ගසා ගෙන පහත් ප්‍රසිද්ධියක් ලබා ගැනීමට කටයුතු කරන බවටත් මන්ත්‍රීවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් චෝදනා කරයි.

the padman යනුවෙන් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ කාන්තාවන්ගේ සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් විශාල සේවයක් කළ අරුණාචලම් මුරුගනාතම් නම් ඉන්දියානු සමාජ ක්‍රියාකාරිකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස